එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට පෙර එහි ක්‍රියාකාරී තත්ත්වය සොයා බැලීම සඳහා පඹයකු (ඩමියක්) යොදවා අත්හදා බැලීමක් කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පවසයි.
එල්ලුම් ගහ දැනටමත් අලුත්වැඩියා කර ඇති බව පවසන ඒ මහතා අලුගෝසුවකු බඳවා ගැනීමෙන් පසු
එල්ලුම් ගහේ පාලන කටයුතු ඔහුට පවරන බවද කියා සිටී.
ඒ අනුව මනුෂ්‍යයකුගේ බරට සමාන බරින් යුත් පඹයකු යොදාගෙන එල්ලුම් ගහේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අත්හදාබැලීමේ කටයුත්ත ඉදිරි දින කීපයේදී සිදු කිරීමට නියමිතය. මේ අතර අලුගෝසු තනතුර සඳහා කාන්තාවන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් නොමැති බවද නිශාන් ධනසිංහ මහතා වැඩිදුරටත් කීය.
එල්ලුම්ගහ සූදානම් - ඩමියක් යොදා ටෙස්ට් කරයි
2018-07-17T12:51:00+05:30
Gossip Lanka Hot News
slide|