gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ සිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  කියා සිටියේ ගාල්ල ක්‍රීඩාංගනයේ ගොඩනැගිලි ඉවත් කිරීමකදී කිසියම් සිද්ධියක් ඇතිවේ යැයි පවතින සැකය මත මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි.

මේ අතර, මේ වනවිට ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඊට ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බව ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු අප කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් කියා සිටියා.

ආන්දෝලනයට තුඩු දී ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කර පින්නදූව ප්‍රදේශයේ ඒ වෙනුවට නව ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට සූදානම් බව පැවසුවද, ඊට කිසිදු සූදානමක් නොමැති බව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පරිපාලන නිලධාරී, බස්නාහිර පළාත් ක්‍රීඩා සංගමයේ ලේකම් අනුර වීරසිංහ ප්‍රකාශ කළා.

එමෙන්ම, අද දිනයේ ගාලූ ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමේ සූදානම සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ දැනුම්දීමකින් තොරව එවැනි ක්‍රියාවක් සිදුකිරීමට නාගරික සංවර්ධන අධිකාරියට නීතිමය අවසරයක්ද නොමැති බවයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සිදුකර ඇති ඉදිකිරීම් කිහිපයක් හේතුවෙන් ගාලූ කොටු පවුර ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන බවට යුනෙස්කෝ සංවිධානය පසුගියදා අනතුරු අඟවා තිබුණා.

කෙසේ වෙතත්, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ එම තීරණය පිළිබඳව තමන් පෞද්ගලික කණගාටු වන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka