gossip lanka

රටේම කට්ටිය කිලෝ පහගානෙ රට මාළු කාලා !

පසුගිය වසරේදී (2017) තුළදී විදේශයෙන් මෙරටට මාළු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හයදහසක් ගෙන්වා ඇතැයි වාර්තා වේ.

එය රටේ ජනගහනයට අනුව එක් පුද්ගලයකු වෙනුවෙන් මාළු කිලෝ පහකට වැඩි ප්‍රමාණයක් බව පැවසේ.

කෙසේවුවද, මෙරටින් පසුගිය වසරේ සිදු කර ඇති මත්ස්‍ය අපනයනය මෙට්‍රික් ටොන් 24,827කි.

මෙසේ මාළු රටින් ගෙන්වා ඇත්තේ මෙරට මතස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් පන්ලක්ෂ තිස්එක්දහස් තුන්සිය දහයක් තිබෙන අතරය.

මාළු ආනයනයට කර ඇති වියදම රුපියල් මිලියන 33,996 කි.

වසර 2014 රාජපක්ෂ රෙජීමය යටතේදී ද මාළු ආනයනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 78,827 කි.

මේ තොරතුරු හෙළිවූයේ මුදල් අමාත්‍යංශයේ හා මහ බැංකුවේ වාර්තා අනුවය.
gossip lanka