gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉඩමක් ඩෝසර් කරද්දි ක්ලේමෝ බෝම්බ දෙකක් හමුවෙයි…

යාපනය කොඩිකාමම් පොලිස් වසමට අයත් නාවල්ලඩි ප්‍රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩම එලි පෙහෙලි කරමින් සිටියදී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් හමු වී ඇති බවට කොඩිකාමම් පොලීසිය කියා සිටියේය.

නාවල්ලඩි නාගනාදන් වීදියේ පිහිටි නිවසක හිමිකරුවන නවරත්නසිංහම් නැමත්තාගේ ඉඩම පසු කපන යන්ත්‍රයකින් පිලිසකර කරමින් සිටියදී
එස්.එන්. 96 වර්ගයේ අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් සහ ක්ලේමෝ බෝම්බ දෙක රඳවන දෙකක්ද හමු වී ඇති අතර පසුව ඒ බව ඉඩමේ හිමිකරු විසින් කොඩිකාමම් පොලීසියට දැනුම් දී ඇත.

කොඩිකාමම් පොලීසිය විසින් අදාල ස්ථානයට පැමිණ ක්ලේමෝ බෝම්බ දෙක රැගෙන යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙතට භාර දී ඇති අතර අධිකරණ නියෝගයකට අනුව අදාල ක්ලේමෝ බෝම්බ දෙක නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka