gossip lanka

15ත් 19ත් අතර ගැහැනු දරුවන්ගේ ගැබ් ගැනීමේ ප්‍රතිශතය 30% කින් වැඩි වෙලා

මෙරට වයස අවුරුදු  15ත් 19ත් අතර යොවුන් වියේ ගැහැනු දරුවන්ගේ ගැබ් ගැනීමේ ප්‍රතිශතය 35%කින් පමණ වැඩී වී ඇතැයි සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී ඇතැයි කාසල් කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ සනත් ලැනරෝල් මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවැසුවේ "පවුල් සැලසුම් මානව හිමිකමක්"
මැයෙන් කොළඹ කිංසිපාරේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදීය.
ලෝක ජනගහන දිනය වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

එහිදී වෛද්‍ය සනත් ලැනරෝල් මහතා මෙසේ පැවසීය. පාසල් ශිෂය ශිෂ්‍යාවන්ට ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳව ඉගෙනුමක් ලබා දෙන්නේ නම් ඉතා වැදගත්. දිනකට නීති විරෝධී ගබ්සා කිරීම් 1,000ක් පමණ වෙනවා. 1998 මාර්තු මාසයේදී කළ සමීක්ෂණයක් අනුව මෙම සංඛ්‍යාව 650ක් පමණ වී තිබිණි. මෙරට පවුල් සැලැසුම් මධ්‍යස්ථාන 2,000ක් පමණ පිහිටුවා තිබෙනවා. නීති විරෝධී ගබ්සා කිරීම හේතුවෙන් මාතෘ


 මරණ වෙනවා. නීති විරෝධී ගබ්සා කිරීම නතර කර ගන්නේ නම් මාතෘ මරණවලින් 80%ක් පමණ වළක්වා ගත හැකියි.

නීති විරෝධී ගබ්සා වැඩිපුරම කරන්නේ අවුරුදු 35 හා 50ත් අතර විවාහක කාන්තාවන්. ලෝකයේ ජනගහනය අතරින් විනාඩියකට කාන්තාවන් 400ක් ගැබ් ගන්නවා. ඒ වගේම එක් විනාඩියකදී අනාරක්ෂිත ගබ්සා කිරීම් 50ක් පමණ වෙනවා. රුහුණු වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය කලිෆර්ඩ් පෙරේරා මහාතා නීතිමය කරුණු සඳහන් කරමින් පැවැසුවේ මෙරට දී වන ගබ්සා කුමන ආයතන මඟින් කරත්දැයි හඳුනාගත නොහැකි බවයි.  ඒ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

ගබ්ද නිසා ඇති වන සංකුලතා හේතුවෙන් රෝහල් ගතවීමෙන් පමණක් මේ පිළිබද තොරතුරු අනාවරණය වෙනවා. මෙරට දණ්ඩ නීති සංග්‍රහයට අනුව මවගේ ජීවිතයට හානි වන අවස්ථාවේ පමණක් ගබ්සා කිරීමට හැකියාව තිබෙනවා. අනෙකුත් සියලු ගබ්සා කිරීම් නීති විරෝධියි.  පවුල් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ගීතාංජලී  මාපිටිගම, ළමා රෝහලේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ  වෛද්‍ය සංජීව ගොඩකන්ද යන අයද මෙහිදී අදහස් දැක්වූහ.

-චන්දන පෙරේරා-

gossip lanka