gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විභාග වංචා වැලැක්වීමට හමුදාවේ සහාය

ලබන මස 06 වැනිදා ඇරඹෙන අපොස උසස් පෙළ විභාගයේදී ජංගම දුරකථන හෝ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් වංචා සිදු වීම වැලැක්වීම සඳහා සංඥාවලට බාධා කිරීමේ කටයුත්තට සහාය ලබා දෙන්නැයි යුද හමුදාවෙන් ඉල්ලූ බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටී.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත sundaytimes.lk වෙත පවසා ඇත්තේ, විභාග වංචා වැලැක්වීමේ අරමුණින් පැවැත්වූ සාකච්ඡාවල
ප‍්‍රතිඵලයක් ලෙසින් එම ඉල්ලීම සිදු කළ බවයි.

ඉලෙක්ට්‍රොනික උපාංග සංඥාවලට බාධා කිරීමේ තාක්ෂණය යුද හමුදාව සතුව ඇති බව කී ඔහු, තෝරාගත් විභාග මධ්‍යස්ථානවලදී අදාළ පියවර ගන්නා බව කියා සිටියේය.

එමෙන්ම, ජංගම දුරකථන සේවා සපයන්නන් හා විදුලි සංදේශ නියාමන කොමිසමේ ද සහාය ඒ සඳහා ලබාගනු ඇත.

අවශ්‍ය තාක්ෂණික හැකියාව යුද හමුදාවේ සංඥා බලකාය සතුව තිබෙන බව යුද හමුදා ප‍්‍රකාශක සුමිත් අතපත්තු කියා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka