gossip lanka

හමුදාපතිගෙන් දැඩි නිවේදනයක්‌

අතිශය සංවේදී කරුණු මාධ්‍ය වෙත පත් කරන හමුදා සාමාජිකයින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව හමුදාපති මහේෂ් සේනානායක මහතා නිවේදනය කර ඇත.

හමුදාවේ කරුණු මාධ්‍ය වෙතත් දේශපාලනඥයන් වෙතත් දැන ගැනීමට ලැබීම කිසිසේත් සුදුසු නොවන බව හමුදාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම නිවේදනය සියලු හමුදා සාමාජිකයන් වෙත
කියවා දැනුම් දෙන ලෙසත් එහි සඳහන් වේ.

හමුදාපතිවරයා පසුගිය සතියේ මෙම නිවේදනය නිකුත් කර ඇත.



gossip lanka