gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සීමානීර්ණ කමිටුවේ ඡන්ද ලොක්කෝ ඉල්ලා අස්වීමට යයි !

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ සීමා නිර්ණය වාර්තාව සම්බන්ධයෙන් පත් කළ සමාලෝචන කමිටුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා සීමා නීර්ණය කොමිෂන් සභාවේ සභාපති කේ. තවලිංගම් මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 20 වන දා පැවති
පක්ෂ නායක රැස්වීමේදී මෙම කමිටුව පත්කෙරිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි සභාපතිවරයා වන අතර කතානායකවරයාට අමතරව විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, මෙන්ම රවුෆ් හකීම් හා නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුද මැතිවරණ සහ සීමා නිර්ණය කොමිෂන් සභාවල සභාපතිවරුන්ද එහි සමාජිකයෝ වෙති.

පළාත් සභා මැතිවරණය හා සීමා නිර්ණයක් සිදු කිරීමට කොතරම් දුරට ගැළපේද යන්න ගැටළුවක් පවතින බව, මේ සම්බන්ධයෙන් විමසීමේදී කේ. තවලිංගම් මහතා ප්‍රකාශ කළේය.

තමන් සහ තවලිංගම් මහතා මෙම සමාලෝචන කමිටුවේ සිටීම සදාචාරාත්මක ද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, කතානායක වෙත ලිපියක් ද යොමු කර ඇති බවද වාර්තාවේ.

කතානායක කරූ ජයසූරිය මහතා දිවයිනට පැමිණි පසු ඔහු හමුවන බව කේ. තවලිංගම් මහතා ප්‍රකාශ කළේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka