gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැලිකඩ බුද්ධි නිලධාරීන් රාජකාරිවලින් ඉවතට

වැලිකඩ බන්ධනාගාරයේ කි‍්‍රයාත්මක වූ බුද්ධි අංශයේ නිලධාරීන් අද (28) එම රාජකාරීවලින් ඉවත් කර තිබෙනවා. ඒ, ඉකුත් 26 වනදා සිට එම බුද්ධි අංශය විසුරුවා හැරීමට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල ලබාදුන් උපදෙස් අනුවයි.

වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම නියෝගය කි‍්‍රයාත්මක කරන ලෙස අමාත්‍ය තලතා අතුකෝරල
උපදෙස් ලබාදී තිබුණා. එහෙත් ඊයේ දිනයේත් බුද්ධි අංශ නිලධාරීන් එම රාජකාරීවල නිරත වන බව නෙත් නිවුස් ඊයේ දහවල් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් අනාවරණ කළා. කෙසේවෙතත් අද උදෑසන සිට බුද්ධි අංශ නිලධාරීන් එම රාජකාරීවලින් ඉවත් කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ.

ඔවුන් සිදුකළ රාජකාරීවල වගකීම බන්ධනාගාර අධිකාරිවරුන් වෙත පවරා තිබෙනවා. ඒ අනුව බන්ධනාගාරයන්හි ප‍්‍රධාන ජේලර්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ එම රාජකාරී සදහා බන්ධනාගාර නියාමකවරුන් අනියුක්ත කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka