gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුහුණුකරු තිලාන් : කළමනාකරු ලැබ්රෝයි !

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිල හා තරගාවලියට ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස තිලාන් සමරවීර පත් කිරීමට නියමිතව ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඊට අමතරව කළමනාකරු ලෙස ග්‍රැහැම් ලැබ්රෝයි පත් කිරීමට නම යෝජනා වී ඇති බවද පැවසේ.

පසුගිය කොදෙව් සංචාරය අතරතුර තරගයකදී නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව වෙනස් කිරීම සහ
පලුදු කිරීමේ චෝදනා එල්ල වූ අවස්ථාවේදී තරග වැදීම ප්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමානාකරු අසංක ගුරුසිංහ හා නායක දිනේෂ් චන්දිමාල් සම්බන්ධ අයි.සී.සී.යේ පරීක්ෂණය හෙට (10) පැවැත්වේ.

මේ පරීක්ෂණයේදී චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහට උපරිම තරග 6ක තහනමක් හෝ ඊට අඩු තරග තහනමක් ලැබිය හැකි බව පැවසේ.

කෙසේවුවද, මේවන විට හතුරුසිංහ සිටින්නේ ඔස්ට්‍රේලියාවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka