gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිලිනොච්චියේ දිවියා මැරූ අයට ඇප

කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානයේදී දිවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට සිටි සැකකරුවන් 10 දෙනා ඊයේ (05) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් කේ.ගනේෂරාසා මහතා නියෝග කොට සිටියේය.

මේ අනුව අද දින අධිකරණයට ඉදිරිපත් කෙරුනු සැකකරුවන් දස දෙනාටම එක් අයෙකුට රුපියල්
ලක්ෂ දෙකක ශරීර ඇප මත හා රුපියල් 5000 ක මුදල් ඇපයක් මත මුදා හැරීමට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් වරයා නියෝග කොට සිටියේය.

පසුගිය 21 වනදා කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුනු දිවියෙකුට පහරදී ඝාතනය කිරීමේ චෝදනාව මත අවස්ථා කිහිපයකදී අම්බාල්කුලම් ගම්මානයේම පදිංචි සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගත කිරීමෙන් පසුව ඊයේ දින නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ නිදහස් කිරීමට කිලිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka