gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙට පාසල් වහන්නෙත් නෑ වැහෙන්නෙත් නෑ

'දරුවනේ පාසල් එන්න . හතර වැනිදා හෙට පාසල් වහන්නේ නැහැ වහන්න දෙන්නෙත් නැහැ'යි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් සහ ජාතික අධ්‍යපන සේවක සංගමයේ සභාපති විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා යන දෙදෙනාම අවධාරණය කරති. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් 1,011 දෙනකුට සහන සැලසීමට විරුද්ධව වත්තීය සමිති ගණනාවක් 4 වැනිදා සියලුම පාසල් වසා

දැමීමේ වැඩපිළිවෙළක නියැළිම, හතළිස් දෙලක්ෂයක් දරුවනට කරන නිගාවක් බවද අධ්‍යාපන ඇමැතිවරයා පවසයි.

' ආවට ගියාට එහෙම පාසල් වහන්න පුළුවන්ද?සහන ලබාදෙන්නේ, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් 12,000කගෙන් ලද ඉල්ලීම් අනුව බවත් දේශපාලන හෝ වෙනත් කවර හෝ බලපෑම්වලින් තොරව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවලීන් පරීක්ෂා කිරීමෙන් පසුව බවත් මේ සහන ලබාදීමට කැබිනට් අනුමැතියද ලැබී ඇති බවත් හෙතෙම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (2දා) පැවැති මාධ්‍ය හමුවේදී කීවේය. පසුගිය ආණ්ඩුව කාලේ දේශාපලන පළිගැනීම්වලට ලක්වූ බව පවසා උසස්වීම් ලබාගත් අයත් අද වත්තීය සමිති අතර ඉන්නවා. මෙතැන නුසුදුසු කිසිවක් නැහැ. අසාධාරණයට ලක්වූවන්ට පමණයි උසස්වීම් දීලා තියෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය දවසක් හෝ  කඩාකප්පල් කරනවා නම් ඒක ඒගොල්ලන්ගේ දරුවන්ටත් වදිනවා.

පාසල් පද්ධතිය කඩාකප්පල් කිරීමට හැදීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. දේශපාලනය වෙනම කරමු. දේශපාලනය යොදා ගෙන පාසල් පද්ධතිය කඩාකප්පල් කිරීමට කටයුතු කරන්න එපා. මේ වෘත්තීය සමිති  ක්‍රියාමාර්ගය ගැන අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර  නැහැ. ඉරිදා ජාතික පුවත්පතක්  පෙන්වමින් අදහස් දැක්වූ ඇමැතිවරයා ගෝඨාභය සහ හිට්ලර් ගැන දින කිහිපයකට පෙර මා පැවැසුවා. මලිත්ට ගැහුවාම  චංචලා අඬන්නෙ ඇයි? ගෝඨාභයට අපි ගැහුවෙත් නැහැ හිට්ලර්ගේ හා ගෝඨාභයගේ සමානකම් ගැන කිවා. ප්‍රශ්නය අධ්‍යාපනය සමඟ සෙල්ලම් කරන එකයි. මාධ්‍ය වගකීමෙන් යුතුව හැසිරෙන්න. විවිධ න්‍යායපත්‍රවලට අනුව මාධ්‍ය හසුරුවන්න එපා. කතුවැකිය ලියන්න පෙර පොඩ්ඩක් හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්න කියා  ඉල්ලනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka