gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විජයකලා අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක්

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ප්‍රකාශයක් සිදු කළ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස සිංහල රාවය සංවිධානය අද (03දා) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ජනාධිපති, අගමැති මැදිහත්වී විජයකලා මහේෂ්වරන්ගේ ඇමැති තනතුර ඉවත් කළ යුතු බවත් පොලිසිය වහාම ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද එම
සංවිධානයේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ අවධාරණය කළහ.

මේ පිළිබඳව දින 03ක් ඇතුළත නීතිය ක්‍රියාත්මත නොකළහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද උන්වහන්සේ පවසා සිටියහ.

පොලිස්පතිවරයාට අදාළ පැමිණිල්ල සිදු කළ බවත් මේ අනුව නීතිය නැවීමකට ලක් නොකර පොලිස්පතිවරයා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.

යාපනයේ විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කළ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගත් ස්විස් කුමාර් බේරා ගැනීමටද විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය මහත් උත්සහයක් ගත් බවට එවකට චෝදනා නැඟිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka