gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තලාවේ බැංකු මංකොල්ලයට බැංකුව ඇතුලෙන් සහය !

මුදල් සහ රත්‍රං භාණ්ඩ සොරකම් කරනු ලැබූ අනුරාධපුර, තලාවේ පිහිටි රාජ්‍ය බැංකු මංකොල්ලයට එහි අභ්‍යන්තරයෙන් සහය ලැබී ඇත්ද යන්න පිළිබඳව මේවන විට පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ අතර, එහි අනාරක්ෂිත බව එහි කළමනාකරුට
අවස්ථා දෙකකදීම දැනුම් පොලිසිය දැනුම් දුන් බවද ඔහු මාධ්‍යට පවසා තිබේ.

ඒ, අනුව බැංකුවේ අනාරක්ෂිත බව පළමු වරට දැනුම් දුන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් 25වන දින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.

එහිදී බැංකුවේ ආරක්ෂාවට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එහි කළමනාකරු දැනුවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම දැනුවත් කිරීම සිදුකළ බවට පොලීසියේ තොරතුරු සටහන් පොතේ ද ඇතුළත් කර තිබෙන බව ය.

බැංකුව විසින් ආරක්ෂිත ක්‍රියාමාර්ග නොගැනිම හේතුවෙන් පසුගිය 19 වැනිදා පොලීසිය විසින් එහි කළමනාකරු යළි දැනුවත් කර ඒ පිළිබඳව ලිඛිතව ද ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටී.

දැනට සිදු කර ඇති පරීක්ෂණ අනුව සොරාගත් මුදල් සහ රත්‍රංවල වටිනාකම රුපියල් නව කෝටි පනස් ලක්ෂයක් බව පැවසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka