gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ කිමිදුම් උපකරණ සාම්පූර් වෙරළේ

ත‍්‍රිකුණාමලය සාම්පුර් වෙරළ තීරයේදී කිලෝ 23 යි ග්‍රෑම් 450 ක් බරැති වෝටර් ජෙල් කරල් 170 ක් හා කිමිදුම් උපකරණ රැසක් සමග පෙරේදා (03) පස්වරුවේ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තමන් වෙත භාරදුන් බව ධීවර දෙපාර්තමේන්තුවේ ත‍්‍රිකුණාමලය සහකාර අධ්‍යක්ෂක ඊ. එම්. සී. බෝයගොඩ මහතා පවසයි.

නාවික හමුදා සාම්පුර් කඳවුරේ මැරින් බලඝණයේ
නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර ධීවර නිලධාරින් වෙත සැකකරුවන් හා පුපුරණ ද්‍රව්‍ය භාර දෙනු ලැබ තිබේ.

අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය අතර නිල් පැහැති වෝටර් ජෙල් කරල් 170 ක් ජී. පී. එස්. උපකරණ දෙකක්, ජංගම දුරකතන දෙකක්, ඔක්සිජන් සිලින්ඩර් පහක්, රෙගියුලේටර් තුනක්, මාස්ක් දෙකක්, හානස් දෙකක්, ස්නෝකල් දෙකක්, පිහිනුම් වරල් පහක්, යාන්ත‍්‍රික බෝට්ටුවක්, පිටත සවිකරන ඇන්ජීමක් හා යතුරු පැදියක්ද වන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

සැකකරුවන් ජමාලියා හා සාම්පුර් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉන් එක් සැකකරුවෙකු මීට පෙර අවස්ථාවකදීද සී4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනිම මත අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත‍්‍රිකුණාමලය උතුර හා දකුණ යන ප‍්‍රදේශවල පුපුරණ ද්‍රව්‍ය බෙදා හැරීම් සිදුකරන අයවලූන් බවට හදුනා ගෙන ඇතැයි නාවික හමුදාව කියා සිටී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුතූර් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 10 වනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක ඊ. එම්. සී. බෝයගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka