gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙට දවස ගැන කාලගුණයෙන් අද කියූ දේ මෙන්න

නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

විශේෂයෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුර, උතුරු
මැද සහ වයඹ පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ද ඇතිවිය හැකියි.

මේ අතර ගාල්ල සිට කොළඹ, පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා.

එවිට එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකියි.

සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 ක් 60 ක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ද රළු විය හැකියි.

මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දෙන්නේ.

මේ අතර, ගිනිගත්හේන - දියගල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිරව තිබූ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වනවිට එක් මංතීරුවක සිදුවන බවයි හැටන් වාර්තාකරු සදහන් කළේ.

මේ අතර ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක්, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 3 ක්,කැනියොන් ජලාශයේ එක් වාන් දොරටුවක් ද විවෘත කර තිබෙනවා.

විමලසුරේන්ද්‍ර ජලාශය ඊයේ සිට වාන් දමමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ළගාවෙමින් පවතිනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka