gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වඩේ සුදා තවත් කතක් දුම්රියේදි කෙළෙසලා

වඩේ සුදා හෙවත් සමන්ත තිලකසිරි යන විත්තිකරුට එරෙහිව තවත් ස්‌ත්‍රී දූෂණ නඩුවක තීන්දුව දෙමින් ගම්පහ සිවිල් අභියාචනාධිකරණ මහාධිකරණ විනිසුරු ප්‍රශාන්ත සිල්වා මහතා තවත් වසර 15 ක සිර දඬුවම් නියම කළේය.

මෙම තැනැත්තා මීරිගම විල්වත්තේ නිශානි බුද්ධිකා තරුණිය දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරු වී දැනට මරණ දඬුවම්
නියමව සිටින අයෙකි.

නිශානි බුද්ධිකා ඝාතන සිද්ධියට පෙර රාත්‍රි ධාවනයේ තිබූ දුම්රියක මැදිරියක්‌ තුළ වෙළෙදාම් කිරීම සඳහා ගොඩවී සිටි 40 හැවිරිදි කාන්තාවක්‌ ගම්පහ සහ බෙම්මුල්ල අතර දුම්රිය ධාවනය වෙමින් තිබියදී දුම්රිය මැදිරියේදී කෙළෙසුවේ යැයි යන සිද්ධිය සම්බන්ධයෙන් දුම්රියේ සංචාරක වඩේ වෙළෙන්දෙකු වන වඩේ සුදා යන අයට මෙම වසර 15 සිර දඬුවම නියම විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙවන විත්තිකරුවූ එච්. එම්. රත්නසිරි යන විත්තිකරුට වසර 12 ක සිරදඬුවමක්‌ නියම කළ විනිසුරුවරයා රුපියල් 10,000 බැගින්වූ වන්දියක්‌ ගෙවන ලෙසටද විත්තිකරුවන් දෙදෙනාටම නියෝග කළේය.  වඩේ සුදා හෙවත් සමන්ත තිලකසිරි යන විත්තිකරුට නිශානි බුද්ධිකා ඝාතනය සම්බන්ධයෙන් 2015 වර්ෂයෙහි ගම්පහ මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබිණි.

නීතිපති වෙනුවෙන් රජයේ නීතිඥ නුවන් කෞෂල්‍ය මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර වඩේ සුදා වෙනුවෙන් රජයෙන් පත්කළ නීතිඥයකුද දෙවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ බන්ධුජීව ගුණසේකර මහතාද පෙනී සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka