gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙසැම්බරයේ ඡන්දයකට සුදානම් වන්නැයි ජනපති කියයි

පළාත් සභා 6 ක මැතිවරණය ලබන දෙසැම්බර් මස මුල් සතියේ පැවැත්වීමට රජය සැලසුම් කර ඇත.

මෙම වසර අවසානයේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බැවින් ඊට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (3 දා) පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී දැනුම්දී තිබේ.

 පසුගිය වසරේ නිල කාලය අවසන් වූ උතුරුමැද,
සබරගමුව හා නැගෙනහිර පළාත් සභාවලත් මෙම වසරේ ඔක්‌තෝබර් මාසයේදී නිල කාලය අවසන් වන උතුර, මධ්‍යම හා වයඹ පළාත් සභාවලත් ඡන්ද විමසීම මේ අනුව දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

මැතිවරණය පැවැත්වෙන ක්‍රමය පිළිබඳව මේ වනතෙක්‌ අවසන් තීරණයක්‌ ගෙන නොමැති අතර පැරැණි මනාප ඡන්ද ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමුවී තිබේ.


මේ අතර සම්මත කර ඇති කොට්‌ඨාස හා සමානුපාත මිශ්‍ර ක්‍රමයේ අඩුපාඩු පිළිබඳව සොයා බැලීමට අගමැතිවරයා පත් කළ අනු කමිටුව මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ නිලධාරියෙක්‌ "දිවයින" පුවත්පතට ප්‍රකාශකර ඇත.

මීලග පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ පැරණි ක්‍රමයටම බව එජාප මහ ලේකම් පවසයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ, එජාපය ඕනෑම අවස්ථාවක මැතිවරණය සදහා සූදානම් බවයි. බලපිටියේදී මාධ්‍ය අමතමින් ඔහු බව කියා සිටියේය.

කෙසේ වෙතත් නව මැතිවරණ ක්‍රමයේ ගැටළු රැසක් ඇති බව පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදීද සාකච්චාවට ගත් බවත් මීලග පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ පැරණි ක්‍රමයටම බවත් ඔහු පැවසීය.

බහුතරය දිනූ කිසිදු පක්‍ෂයකට වුවද නව ක්‍රමය අනුව ස්වාධීනව බලය පිහිටුවීමට නොහැකි වීම ආදී ගැටලු රැසක් එම ක්‍රමයෙන් ඇති වී තිබෙන බවද කී මහ ලේකම්වරයා ඒ සදහා සංශෝධන කරන තෙක් පැරණි ක්‍රමයට මැතිවරණ පැවැත්විය යුතු යයිද කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka