gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජූලි 01දා සිට දක්‍ෂිණ අධිවේගයේ බස් ගාස්තු අඩුවේ !

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු ජූලි 01 දින සිට අඩු කරන බවත් ඒ අනුව මාතර සිට කොළඹට මෙතෙක් අය කළ රුපියල් හයසියයේ බස් ගාස්තුව රුපියල් හාරසිය හැට දක්වා අඩුවන බවත්, මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති අරුණ හල්පගේ මහතා පැවැසීය.

බස් ගාස්තු වැඩිවීම පිළිබඳ කරුණු දැක්වීම සඳහා මාතර තානායමේදී
ඊයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් එලෙස පැවැසූ හල්පගේ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ කීය.

දක්‍ෂණ අධිවේගී මාර්ගයට හා කොළඹ කටුනායක යන මාර්ග දෙකට නීති දෙකක් ක්‍රියාත්මක කිරීමෙන් මගී ජනතාවට විශාල හානියක් සිදුව තිබෙනවා.

මෙම නීති දෙක තමයි දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ -කොටුව, මාතර-මහරගම, මාතර-කඩවත හා මාතර-කඩුවෙල කියන සියලු මාර්ගවල ගමන් කිරීම සඳහා එක් මගියකුගෙන් එක් දිසාවකට ගමන් කිරීම සඳහා රුපියල් එකසිය හතළිහක බදු මුදලක් ගන්නවා. මේ මුදල ගන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් හා ප්‍රවාහන අමාත්‍යාංශයෙන්.

මෙම මුදල් අරගෙන ඒ අය පිටරට සංචාරවල ගිහින් ඇවිත් බස් රථ කර්මාන්තය නැතිවන තැනට වැඩ කර තිබෙනවා. අපි එකම අවස්ථාවකදී බදු මුදල් දෙපාරක් ගෙවන තැනකට ලක්වෙලා තිබෙනවා.

අපේ බස් රථයක් එකවරක් අධිවේගී මාර්ගයට ඇතුළු කිරීම සඳහා රුපියල් එක්දහස් පන්සිය පනහක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගන්නවා.

ඊට අමතරව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් රුපියල් හයදහස් එකසියයක් එක ගමන්වාරයක් සඳහා ලබාගන්නවා. එයාල ඒකෙන් නඩත්තු වෙනවා. මගීන් සහ බස් හිමියෝ අමාරුවේ.''


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka