gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාපය දෙකඩ වෙයි !

එජාප ප්‍රතිසංවිධානය සඳහා යෝජනා ඉදිරිපත් කරනු ලැබූ රුවන් විජේවර්ධන මහතාගේ නිර්දේශ ක්‍රියාත්මක නොවී පක්ෂයේ ප්‍රතිසංවිධාන අඩාලවීමට විරෝධය දක්වා එජාපයේ පසුපෙළ මන්ත්‍රීන් 20කට වැඩි පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමටසූදානම්වන බව “අනිද්දා” පුවත්පත වාර්තා කර තිබේ.

ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමට තම පාර්ශවය සූදානම් බව එජාප පසු
පෙළ ප්‍රබලයකු එම පුවත්පතට පැවසූ බවද එහි සඳහන් වේ.

නායකතුමා බීරෙක් ?

කෙසේවුවද, නායකත්වය තම කණ්ඩායමේ හා එජාපයේ බහුතර හඬට සවන් නොදෙන්නේ නම් තමන්ට විපක්ෂයේ ඉඳ ගැනීම හැර කිසිවක් සිදු කළ නොහැකි බවද ඔහු කියා සිටී.

මේ සම්බන්ධයෙන් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සාකච්ඡා කරමින් සිටින බවත්, ඉන් 20 දෙනෙකු හෝ ඉහත තීන්දුව ගනු ඇති බවද ඔහු සඳහන් කළ බව “අනිද්දා” සඳහන් කරයි.

රවීගේ පිල සීතල යුද්ධයක

මෙම ගැටුම අතරේ එජාප උපනායක හා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ද පක්ෂ නායකත්වය සමඟ සීතල යුද්ධයක නිරත වෙන බවත්, මංගල සමරවීර මහතාව එජාප උපනායකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් විරෝධයක් ඇතැයි ද “අනිද්දා” වාර්තා කර ඇත.

සිල්ලර කරුණු ගැන හිතන්නෙ නෑ - රවී

සිල්ලර කාරණා ගැන තමා අවධානය යොමු කර නැති බවත්, කෙසේවුවද, තමා මෙන්ම, සෙසු එජාප නායකයින් හා පාක්ෂිකයින් ද මේවන විට එජාපයේ චෝදනා එල්ලවෙමින් සිටින කණ්ඩායම් සම්බන්ධයෙන් නායකත්වය ගන්නා පියවර ගැන උනන්දුවෙන් බලා සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පක්ෂ නායකත්වය සමඟ සීතල යුද්ධයක නිරත වෙන්නේ දැයි කළ විමසීමකදීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka