gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වයඹ විශ්ව විද්‍යාලය පරණ සිසුන්ට තහනම් වෙයි

වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ පළමු වසර සිසුන්ට හැර අන් සියලු සිසුන් හට තහනම් කලාපයක් බවට පත් කොට ඇත්තේ කිසිදු සාධාරණ හේතුවකින් තොරව යැයි සිසුහු චෝදනා කරති.
මැයි මස 24 වැනිදා සිට පළමු වසර සිසුන්ට හැර අන් සියලු වසරවල සිසුන්ට ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයට ඇතුළුවීම තහනම් කිරීමට පාලනාධිකාරිය
පියවර ගෙන ඇත්තේ පළමු වසර සිසුන්ට පීඩා කළා යැයි පවසමිනි.

නමුත් පළමු වසර සිසුන්ට පීඩා කිරීමට අදාළ කිසිම සිද්ධියක් සිදු නොවුණු බවද අන් වසරවල සිසුන්ට පීඨ භූමිය තහනම් කිරීම පළමු වසර සිසුන්ගේද විරෝධයට හේතු වී ඇතැයිද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පැවැසීය.

මෙසේ දින ගණනාවක් පුරා ව්‍යාජ හේතු දක්වමින් පීඨය වසා දැමීම තුළ අධ්‍යයන කටයුතු සේම අවසන් වසර සිසුන්ගේ පර්යේෂණ කටයුතුද ඇනහිට ඇති බවත් මේ හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගාවලියට පවා සහභාගි වීමේ අවස්ථාව ගිලිහී ගොස් ඇතැයිද හෙතෙම කියා සිටී.

සාධාරණ හේතු නොමැතිව පීඨය වසා දැමීම සම්බන්ධයෙන් බලධාරීන් හා සාකච්ඡා කිරීමට උත්සාහ දරන සෑම විටකම ඒවාට නිසි පිළිතුරු නොදී ශිෂ්‍යයන්ටම චෝදනා එල්ල කරමින් ශිෂ්‍ය නායකයන් මර්දනය කිරීමට පවා පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බව අන්තරේ කැඳවුම්කරු චෝදනා කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka