gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොල් ගසත් “ගස් හෙළීමේ” පනත යටතට !

පොල් ගස්, ගස් හෙළීමේ පනතට ඇතුළත් කිරීමේ යෝජනාව මේ සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ තීරණයක් ගත් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කියයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවැසුවේ පසුගියදා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමඟ පැවැති සාකච්ඡාවේදී මේ තීරණය ගත් බවය.

ඒ අනුව නිවෙසක් සාදා ගැනීම වැනි කාරණාවලදී
පොල් ගසක් ඉවත් කිරීම වැනි කටයුතුවලට අවසර ලැබෙන ආකාරයටත්, අවුරුදු 60ට වැඩි පොල් ගස් ඉවත් කිරීමේදී විකල්ප පොල් ගසක් තිබිය යුතු බවට සඳහන් නීති ගෙන ඒමත් එහිදී සාකච්ඡා වූ බව කරුණාරත්න මහතා පැවැසීය.

ඊට අමතරව පොල් ගස්වලට වන සතුන්ගෙන් වන හානි වැළැක්වීමටත්, පොල් ඵලදාව වැඩි කිරීමට හා අලුතින් පොල් වගා භූමි වැඩි කිරීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවද හෙතෙම වැඩිදුරටත් කීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka