සිය පියාගේ අභාවය හේතුවෙන් කොදෙව් සංචාරයට එක් නොවු ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා අද බටහිර ඉන්දීය කොදෙව් දිවයින් බලා නික්ම යනවා.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වනු ඇති.
කොදෙව් සංචාරය සඳහා නම් කළ 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ධනංජයද සිල්වා ඇතුළත්වූ අතර, පසුගිය 24 වනදා ඔහුගේ පියා වන
දෙහිවල – ගල්කිස්ස නාගරික මන්තී රන්ජන් ද සිල්වා අනපේක්ෂිත ලෙස ඝාතනයට ලක්වීම නිසා දිවයිනේ රැඳී සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු ජූනි 6 වනදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට සහභාගි වන්නේද යන්න කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් තීරණය කරනු ඇති බවයි.
ධනංජය කොදෙව් බලා යයි
2018-06-04T09:18:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



