gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෛරස් උණෙන් මියගිය දරුවන්ට මරණ පරීක්ෂණ නෑ

වෛරස්‌ ආසාදනය වීමෙන් මියගිය කුඩා දරුවන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වීම ඉතා අවදානම් සහගත බැව් කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය හා විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ. සී. පී. පෙරේරා මහතා පවසයි.
වෛරස්‌ රෝගී තත්ත්වයකින් මියයන අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වීමෙන් මරණයට හේතුවූ වෛරසය සම්බන්ධව විශේෂ යමක්‌ අනාවරණය කරගත නොහැකි බව පවසන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එවැනි පශ්චාත්
මරණ පරීක්‍ෂණ පැවැත්වීම අවදානම් සහගත බවද පෙන්වා දෙයි. වෛරස්‌ ආසාදනයට ලක්‌වීමෙන් මියගිය කුඩා දරුවන්ගේ මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ නොපවත්වා නිදහස්‌ කිරීම සම්බන්ධව මාධ්‍ය කළ විමසුමකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙසේද කීවේය.

"වෛරස්‌ ආසාදනයට ලක්‌වූ අයගෙන් ජීවත්වෙලා සිටින විටදී ලබාගන්නා සාම්පල් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකරනවා. වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා අපටත් කරන්න පුළුවන් මියගිය පසු ඒ සාම්පල් අරගෙන වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරීමයි. ඊට එහා වෙනස්‌ දෙයක්‌ කරන්න බැහැ. ඒ විතරක්‌ නෙවෙයි මේවාට කියන්නේ අවදානම් සහගත මරණ පරීක්‍ෂණ කියලා. සමහර වෛරස මරණින් පසුත් මියගිය අයගේ සිරුරේ තිබෙනවා. ඉතා ඉහළ ආරක්‍ෂක තත්ත්වයන් යටතේ. වෛරස්‌ වලින් මියයන අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ ඉතා ප්‍රවේශමෙන් කරන්න ඕනෑ. නැතිනම් පශ්චාත් මරණ පරීක්‍ෂණය කිරීමෙන් වෛරසය පැතිරෙන්න පුළුවන්. වෛරසය ශරීරය තුළදී විනාශ වෙලා නැත්නම්. පශ්චාත් මරණ පරීක්‍ෂණය කිරීමේදී සිරුර විවෘත කරනවා. එවිට අවට පරිසරයට වෛරසය පැතිරීමේ අවදානමක්‌ තියෙනවා".

වෛරස්‌ ආසාදනයට ලක්‌ව මියගිය පසුත් විෂබීජ සියල්ල මැරෙන්නේ නැති බවත් සායනික මට්‌ටමින් මරණයට හේතුව තීන්දු කොට මෘත දේහයන් නිදහස්‌ කිරීම වඩා හොඳ බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka