gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලන්කන් ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ගුවන් සේවයේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට භාර දී ඇත.

රත්වත්තේ මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ නියමිත සේවා කාලය ඉකුත් වීමට මත්තෙනි.

‘ශ්‍රී ලන්කන් එයාර්ලයිනස්’ සමාගමේ සිදු කෙරෙන
ප්‍රතිව්‍යුහ ගත කිරීම් වලට සහාය දීමක් ලෙසින් ඔහු එලෙස ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයි සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට අජිත් ඩයස් මහතාගේ සභාපතීත්වයෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කර තිබිණ.

කෙසේවුවද මාර්තු මස 29 වැනිදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට රංජිත් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කෙරුණ අතර සුරේන් රත්වත්තේ මහතා මෙතෙක් අඛණ්ඩව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළේය.

කෝප් කමිටුවට අසත්‍ය තොරතුරු ලබාදුන් බවටද සුරේන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී තිබේ.

සුරේන් රත්වත්තේ මහතා අගමැති ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ මහතාගේ සහෝදරයෙක් වෙයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka