gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රේගුවේ බිලියන 16 ක වංචාවක්‌ !

රේගුවේ සිදුවූ රුපියල් බිලියන 16 ක වංචාවක්‌ සම්බන්ධයෙන් පරීක්‌ෂණයක්‌ ආරම්භ කිරීමට රේගු අධ්‍යක්‌ෂ ජනරාල් සරෝජනී චාල්ස්‌ මහත්මිය කටයුතු කර ඇත.

මෙම වංචාව සිදුව ඇත්තේ චාල්ස්‌ මහත්මිය රේගුව භාරගැනීමට පෙර එය පාලනය කළ ප්‍රධානීන් විසිනි.

තම තීරණය පිළිබඳව නීතිපතිවරයා හරහා අභියාචනාධිකරණයට දැනුම් දීමට අධ්‍යක්‍ෂ
ජනරාල්වරිය විසින් පියවරගෙන තිබේ.

ඇයට පෙර රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කළ චූලානන්ද පෙරේරා මහතා විසින් එකකට රුපියල් ලක්‌ෂය බැගින් වූ දඩ මුදලක්‌ යටතේ ජර්මනියෙන් ගෙන්වන බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථ 1675 ක්‌ නිදහස්‌ කිරීමට පියවර ගෙන ඇති බවද ඇය අභියාචනාධිකරණයට දන්වා ඇත.

මේ පිළිබඳව රේගු අධ්‍යක්‌ෂ ජනරාල්වරිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව චූලානන්ද පෙරේරා මහතා ඉහත සඳහන් දඩ මුදල් පැනවීම සිදුකර ඇත්තේ 2017 ජූලි 14 වැනිදා ය.

මඩකලපුවේ දිසාපතිනිය ලෙස කටයුතු කළ චාල්ස්‌ මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස වැඩ භාරගත්තේ 2017 සැප්තැම්බර් 24 වැනිදාය.

2017 දී චූලානන්ද පෙරේරා මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සංචිතය වෙත මාරුකර යවා ඇත.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්‌කු මහතා විසින් ද (ඔහු එංගලන්තයේ නීතිඥවරයෙකි) මේ පිළිබඳව නඩුවක්‌ පවරා ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka