gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බස්‌වලට භූමිතෙල් දීම වැළැක්‌වීමේ රෙගුලාසි !

බස්‌ රථ හා ලොරිවලට භූමිතෙල් නිකුත් කිරීම වැළැක්‌වීමට ඉන්ධන පිරවුම්හල්වලට රෙගුලාසි පනවන ලෙස ඇමැති මණ්‌ඩලය ඛනිජ තෙල් ඇමැතිවරයාට උපදෙස්‌ දුන් බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

බස්‌ රථවලට භූමිතෙල් නිකුත් කිරීම වැළැක්‌වීමට භූමිතෙල් මිල ඉහළ දැමූ නමුත් ධීවර ගැටලු නිසා
යළිත් එහි මිල පහත හෙළීමට සිදුවූ බවද හෙතෙම කීය.

මිල ඉහළ දැමීම නිසා භූමිතෙල් නිකුත් කිරීම සියයට 50 කින් පමණ අඩු වූ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

භූමිතෙල් මිල රුපියල් 70 දක්‌වා අඩු කළද ධීවරයින්ට පරණ මිල වන රුපියල් 44 දක්‌වා අඩුකිරීමට සහනදායි වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතු බවද ඊයේ (13 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේය.

 භූමි තෙල් ලීටරයක නිෂ්පාදන පිරිවැය රු.100ක්

 මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරන පරිදි භූමි තෙල් ලීටරයක නිෂ්පාදන පිරිවැය ලීටරයකට රුපියල් 100කි.

ලොරි බස් හිමියන් ඩීසල් වෙනුවට භූමිතෙල් පරිභෝජනය කිරීම නිසා 2017 මුල් මාස 4ට සාපේක්ෂව 2018 මුල් මාස 4 තුළ භූමිතෙල් පරිභෝජනය 41%කින් ඉහළ ගියේ ය. එම මාස 4 තුළ මසකට රුපියල් බිලියනය බැගින් රජයට පාඩුවක් සිදුවිය

එවකට දෛනික භූමිතෙල් පරිභෝජනය මෙ.ටො 600කි. (මෙ.ටො 1 = ලීටර් 1270)

මිල වැඩ කිරීමෙන් පසු දෛනික පරිභෝජනය මෙ.ටො 150 දක්වා අඩු විය.

භූමි තෙල් ලීටරයක මිල අද සිට රුපියල් 70 දක්වා අඩු කළ පසු එක් ලීටරයකින් රජයට ඇති පාඩුව රුපියල් 30කි.

මෙම දෛනික පරිභෝජනය තව දුරටත් ඉහළ යා හැකි බවත් දැනට දෛනික පරිභෝජනය මෙ.ටො 150ක් බවත් මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka