gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සීදූව සංගීත කණ්ඩායමක 4ක් රක්ෂිත බන්ධනාගාරයට

ඝාතනයක් සම්බන්ධයෙන් සීදුව "ෂා" නමැති ගායක කණ්‌ඩායමේ නායකයා වන ප්‍රධාන ගායකයා ඇතුළු එම කණ්‌ඩායමේ සාමාජිකයන් සිව් දෙනාට ඇප ලබාදීම ප්‍රතික්‌ෂේප කළ මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් නිල්මිණි රන්කොත්ගේ මහත්මිය එම සැකකරුවන් 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

මොවුන් තම කලණ මිතුරාගේ රු. කෝටියකට වඩා වටිනා මෝටර් රථය පැහැරගෙන කොටස්‌වලට
ගලවා විකුණා විනෝදවීමේ අරමුණෙන් මිතුරාගේ ගෙල වයර් පටියකින් සිරකර මරා දමා ඔහුගේ සිරුර මීගමුව කලපුවේ ගල් බැඳ දමා ගිල්වා දමා තිබුණි.

ඇප ප්‍රතික්‌ෂේප වූ සැකකරුවන් වූයේ එම ගායක කණ්‌ඩායමේ ප්‍රධාන ගායකයා වන දිවුලපිටිය තම්මිට පදිංචි ෂාන් ප්‍රමෝද් පෙරේරා, සීදුව බණ්‌ඩරවත්තේ පදිංචි දිනේෂ් උපේන්ද්‍ර, මාකවිට පදිංචි තරුඳු ටිරෝන් ජයරත්න සහ ලක්‍ෂිත දිල්ෂාන් නමැත්තන්ය.

සීදුව කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මැණික්‌ සහ විසිතුරු මසුන් අලෙවි ව්‍යාපාරයක නිරතව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුවූ ඩී. පී. නිරංජන් දීපාල් (30) මහතාට බැට්‌ පිතිවලින් පහරදී පසුව ගෙල සිරකර මරා ඔහුගේ සිරුර මීගමුව කලපුවේ ගල් බැඳ දමා ගිල්වීම සම්බන්ධයෙන් විත්තිකරුවන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර ඇත. සීදුව පොලිසියේ පො. කො. රොෂාන් මහතා පැමිණිල්ල මෙහෙයවීය. වැඩිදුර විභාගය මෙම මස 25 වැනිදා පැවැත්වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka