gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උපත් පාලන කොපු සමග ගණිකා නිවසකදී හසුවූ ටෙලි නිළිය ඇතුළු පිරිස රිමාන්ඩ්

ගණිකා වෘත්තියේ යෙදීම සඳහා ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි ටෙලි නිළිය ඇතුළු සැකකාරියන් 6 දෙනකු සහ එම හෝටල් කළමනාකරුව ලබන 18 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ වැඩබලන මහෙස්‌ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය 10 වැනිදා නියම කළාය.

 සැකකාරියන් 6 දෙනාව කොළඹ ජාතික රෝහලේ
සමාජ රෝග අංශය වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තාවද ලබන 18 වැනිදා

අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැඩබලන මහෙස්‌ත්‍රාත්වරිය මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළාය.

ගම්පහ ඉහළයාගොඩ පදිංචි දිනේෂ් සමන් ජයසිංහ යන හෝටල් කළමනාකරු සහ කඳුබොඩ, පහළයාගොඩ, දැලතුර, උඩුපිල සහ රන්පොකුණගම පදිංචි සැකකාරියන් 6 දෙනකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

කළමනාකරු සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගත් විවිධ වර්ගයේ අරක්‌කු බෝතල් සහ උපත් පාලන කොපුද සැකකාරියන් සත්කයේ තිබීයදී සොයාගත් උපත් පාලන කොපු නඩු භාණ්‌ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. නියමිතව තිබිණි. රිමාන්ඩ් භාරයට පත් සැකකාරියන් අවුරුදු 30 ත් 40 ත් අතර වයසේ පසුවන්නියන් බවත් එක්‌ සැකකාරියක්‌ ටෙලි නාට්‍ය නිළියක්‌ බවටද අධිකරණයේදී සඳහන් විය.

ගම්පහ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මුදිත පුස්‌සැල්ල මහතාට ලද තොරතුරක්‌ මත ගම්පහ මූලස්‌ථාන ප්‍ර.පො.ප. ලක්‍ෂ්මන් බණ්‌ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ 10 වැනිදා අලුයම එම හෝටලය වටලා සැකකාරියන් 6 දෙනා සහ සැකකාර කළමනාකරුව අත්අඩංගුවට ගත් බවත් මෙම හෝටලය තුළ විවිධ අපචාර සිද්ධීන් සිදුවන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පරීක්‍ෂණ අවසන් නොමැති බවත් පැමිණිල්ල මෙහෙයවමින් ගම්පහ පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් නිශාන්ත (60567) මහතා අධිකරණය හමුවේ පැවැසීය.
මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka