gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති මෛත්‍රීට බරපතළ ගැටලුවක්!

වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණ ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල උගතුන් සහ බුද්ධිමතුන් රට හැර යාම අද බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බවත්, රට හැර යාමේ නිදහසට නීති රීති පනවා වැටකඩුළු බැඳීමට රජය සූදානම් නොමැති නමුත් නිදහස් අධ්‍යාපනය ලැබූ පුරවැසියන් ලෙස මාතෘ භූමිය වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමට ඔවුන් හෘද සාක්ෂිය අනුව කැපවිය යුතු බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ බස්නාහිර
පළාත් ගුරු විභාගය සමත් උපාධිධාරින් 500 දෙනෙකුට ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (07) කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ උගතුන් වැඩි රටක් ඉතා වේගයෙන් දියුණුව කරා ගමන් කරන බවයි.

එබැවින් රටේ සංවර්ධනයත්, ආර්ථික සමෘද්ධියත් පිළිබඳ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ දායකත්වය අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ අතර ගුරු සේවයේ පවතින ගැටලු කිහිපයක් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ගේ අවධානය යොමු කළේය.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අසීමිත මුදලක් වැය කරමින් ඒ වෙනුවෙන් සීමාවකින් තොරව පහසුකම් ලබාදීමට රජය කටයුතු කරද්දි එහි අභ්‍යන්තරයේ පවතින ගැටලු විසඳා ගැනීමට ද කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිවරයා ගුරු සේවයේ ගැටලු විසඳා ගැනීම සඳහා රජය, පළාත් සභා සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන සියලු ආයතන ඒකාබද්ධ වූ පුළුල් කාර්යක්ෂම වැඩපිළිවෙළකට එළැඹිමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka