gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුදර්ශනීට ඡන්ද නොදුන්නේ කටානේ ප‍්‍රශ්නයක් නිසා..- ප‍්‍රසන්න

නියෝජ්‍ය කථානායක ධුරයට තරග කරන ලද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය නොදුන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඇගෙන් කටාන ආසනයේ පොහොට්ටු සාමාජිකයන්ට එල්ලවූ තර්ජන හා තවත් කාරණාවන් කිහිපයකට විරුද්ධව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පොහොට්ටුව සමගින් නිල වශයෙන් එක් වුවහොත්
පමණක් ශ‍්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම පිළිගන්නා බවද මන්ත‍්‍රීවරයා කියයි.

එමෙන්ම පසුගිය 2015 මහ මැතිවරණයෙන් පසුවද කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායක ආදී තනතුරු තේරීමට තරග නොකළ නිසා මෙවරද ඡන්දය ලබා නොදිය යුතු යයි තමන්ගේ තීරණය යයිද ඔහු කියා සිටියේය.

ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියට මෙවර ඡන්දය දුන්නේ නම් එය පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාවට කරන අසාධාරණයක් යයිද ඔහු සදහන් කලේය.

මේ අතර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පසුගියදා සදහන් කර සිටියේ ජාතික දේශපාලනය හා ප‍්‍රාදේශීය දේශපාලනය පටලවා ගැනීම සිදු නොකල යුතු බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka