gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට තවත් මහාචාර්යවරු තිදෙනෙක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තවත් මහාචාර්යවරුන් තිදෙනකු පත්කර තිබේ.

එසේ පත්කර තිබෙන්නේ මහාචාර්ය ඩී.එම්. සේමසිංහ, මහාචාර්ය සම්පත් අමරතුංග සහ මහාචාර්ය ගාමිණී සමරනායක මහත්වරුය. මීට අමතරව මහාචාර්ය සෝමරත්න දිසානායක මහතාද ශ්‍රී ලනිප මධ්‍යම කාරක
සභිකයකු ලෙස පත් කිරීමට තීරණය කොට ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවෙසේ ශ්‍රී ලනිප නව නිලධාරි මණ්ඩලයේ සහභාගිත්වයෙන් ප්‍රථම වරට රැස්වූ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ තීරණය ගත් බව පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවැසීය.

මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූයේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව බවත් සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් සංවිධාන මධ්‍යම කාරක සභිකයන්ගේ අධීක්ෂණය යටතේ කඩිනම්ව පිහිටුවීමට තීරණය කළ බවද පක්ෂයේ මහ ලේකම්වරයා කීවේය.

එසේම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අධ්‍යයනය කිරීමට කමිටුවක්ද මෙහිදී පත්කරගත් බවද ශ්‍රීලනිප මහ ලේකම්වරයා පැවැසුවේය.

(මව්බිම)




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka