gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රවීණ සාහිත්‍යවේදී සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ සාහිත්‍යවේදී සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදීය.

ඒ වනවිට ඒ මහතා 73වැනි වියේ පසුවුණා.

මාධ්‍යවේදියකු, සාහිත්‍යවේදියකු, තිර කතා රචකයකු, චිත්‍ර කතා රචකයකු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් අතැඹුලක් කොටගත් සේනානායක මහතා ලියූ මවකගේ ගීතය, යශෝරාවය, මැණික් නදිය ගලා බසී
නවකතා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා. පසුකලෙක එම නවකතා ටෙලි නාට්‍ය ලෙසද ඔහු විසින් නිර්මාණය කරනු ලැබුවා.

සේනානායක මහතාගේ පළමු ටෙලි නාට්‍ය සම්ප්‍රාප්තිය පළිඟු මැණිකේය.

1944 වසරේ නොවැම්බර් මස 25 වනදා උපත ලැබූ ඒ මහතා අවිස්සාවේල්ල සීතාවක මහ විදුහල, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය යන පාසල්වලින් සිය මූලික අධ්‍යාපනය හැදෑරුවා. ඒ මහතා උසස් අධ්‍යාපනය ලැබුවේ විදේ‍යා්දය විශ්ව විද්‍යාලයෙන්. විශ්ව විද්‍යාල අධ්‍යපනය හමාර කිරීමේන් අනතුරුව ඔහු ලේක් හවුස් ආයතනයට මාධ්‍යවේදියකු ලෙස එක්වනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka