ඩුබායි හි සැඟව සිටින බව පැවසෙන පාතාල නායකයකු වන මධුෂ් ලක්ෂිත හෙවත් කඹුරුපිටියේ මධුෂ්ගේ අනියම් බිරිය බව පැවසෙන තැනැත්තියක් රුපියල් එක්ලක්ෂ පනස්දහසක හෙරොයින් සමඟ කොළඹ පිටකොටුව ඔරලෝසු කනුව ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය සමඟ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් නවයයි මිලිග්‍රෑම්
හත්සියයක් තිබී ඇති බවද පැවසේ.
පොලිස් විශේෂ කාර්යබලකා බුද්ධි නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් අතර මධුෂ්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා බව පැවසෙන අකිල නිරෝෂන් පල්ලියගුරු නැමැත්තාද ඇතැයි වාර්තා වේ.
මධුෂ්ගේ අනියම් බිරිය අල්ලයි !
2018-06-04T13:34:00+05:30
Gossip Lanka Hot News
slide|