gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ICC ය ක්‍රිකට් තරු ඇතුළත් අතුරුකමිටුවකට අවසර දෙයි ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වර්තමානයේදී මුහුණ දී ඇති පරිපාලනමය අර්බුදය පිළිබඳව කරුණු පැහැදිලි කොට ඉදිරියේදී අතුරු කමිටුවක් පත්කිරීමට ඉඩ අවකාශ ඇත්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) සභාපති ශසන්ක් මනෝහර් ඇතුළු නිලධාරීන් අද (6දා) හමුවීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය මුස්තාපා මහතා අද
ඩුබායි නුවර පිහිටි අයි.සී.සී. ප්‍රධාන කාර්යාලයේදී එම සභාපති ශසන්ක් මනෝහර් සහ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචර්ඩ්සන් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව පැවසේ.


ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ක්‍රිකට් ආයතන නිසි බලධාරී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන්ද ඇතුළත්ය.

කෙසේවුවද, අයි.සී.සී. ය ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට දුරකථන ඇමතුම් ලබාදෙමින් වත්මන් ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් වක්‍රාකාරයෙන් තොරතුරු රැස්කර ඇති බව  වාර්තා වේ.

එසේම ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් අයි.සී.සී. යට ගිය සෑම අවස්ථාවකම මෙහි පරිපාලන තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇති අතර ඔවුන් ක්‍රිකට් ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුවිය යුතු බව පෙන්වාදී තිබූ බවද මේ අතර වාර්තා වේ.

ඒ අනුව බොහෝදුරට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් අතුරු කමිටුවක් පත්කිරීමට ෆයිසර් මහතාට අයි.සී.සී.ය අවස්ථාව ලබාදෙනු ඇතැයි ඩුබායි නගරයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එය බොහෝවිට මාස 6කට සීමා වනු ඇති බවද වාර්තාවන අතර එහිදී එම කමිටුව ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට වැඩි වෙහෙසක් ගතයුතු බවට ද යෝජනා වනු ඇතැයි පැවසේ.

ICC යට පෙත්සමක්

මේ අතර, ක්‍රිකට් නිලවරණය පැවැත්වීම කඩිනම් කරන ලෙස ඉල්ලමින් ක්‍රීඩා සමාජ ප්‍රධානීන්ගේ අත්සන් සහිතව පෙත්සමක් යැවීමට සී.සී.සී. ක්‍රීඩා සමාජය තුළ මෙහෙයුමක් ක්‍රියාත්මක බවද වාර්තා වේ.

කෙසේවුවද, අයි.සී.සී. යෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩා සාමාජ ස්වාධීනව කටයුතු කරන බවට අයි.සී.සී. යට පැහැදීමක් නැති බවයි.

මේ අතර, අයි.සී.සී.ය සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳව මාධ්‍යවෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය මුස්තාපා මහතා  මෙසේ පවසා තිබිණි

"ක්‍රිකට් නිලවරණයක් පවත්වන තෙක් මා විසින් ක්‍රිකට් පරිපාලනයට නිසි බලධාරියකු පත්කිරීමත් සමඟ සමහරු හිතන්නෙ අපේ අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය අත්හිටුවයි කියලයි. අපිට අයි.සී.සී. විසින් නිරීක්‍ෂක මට්ටමේ සහභාගීත්වයට පමණක් අවස්ථාව දෙයි කියල සමහරු මත පළකරනවා. එහෙම වෙන්න ඉඩ තියෙන්නෙ දේශපාලන මැදිහත්වීමක් සිදුකළා නම් පමණයි කියල මට හිතෙන්නේ. නමුත් අපි එහෙම දෙයක් කරල නැහැනේ. ඒ නිසා අපි මේ තීන්දුව ගත්තෙ රටේ අධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව මිසක දේශපාලන මැදිහත් වීමක් නිසා නොවෙයි කියල අපේ සාකච්ඡාවේ දී අයි.සී.සී. නිලධාරීන්ට කරුණු පහදා දීම මේ ගමනේ අරමුණයි."

පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් නිලවරණය කල්දැමීමට සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් අමාත්‍යවරයා විසින් නිසි බලධාරියකු පත්කිරීමත් සමඟ ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ඇති අවදානම කෙරෙහි කතා බහට ලක්වී ඇත.

ක්‍රිකට් ආයතනයේ නිලවරණය පසුගිය මැයි මස 31 වැනිදාට පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර තිබුණද ඊට පෙර දිනයේදී ලබා දුන් අධිකරණ තීන්දුවක් අනුව එම නිලවරණය කල් දැමීමට සිදු වූ අතර තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් හිටපු පාලකයන්ගේ නිල කාලය පසු ගිය 31 වැනිදායින් අවසන් වූ හෙයින් අතුරු කමිටුවක් පත් නොකොට ක්‍රිකට් පරිපාලනයට නිසි බලධාරියකු පත් කළේ වත්මන් ක්‍රීඩා පනතේ ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයාට හිමි බලතල අනුවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka