gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජයේ පොරොන්දු ගැන රැකියා විරහිත උපාධිධාරීන්ට සැකයක්

සුදුසුකම් සපුරා ඇති සියලුම උපාධිධාරීන්ට කප්පාදුවකින් තොරව පොරොන්දු වූ පරිදි කඩිනමින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් අද (06 දා) දින දහවල් 12.00 ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී  උද්ඝෝෂණයක් පැවැත්වීමට උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය තීරණය කර ඇත. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි කැඳවුම්කරු චන්දන සූරියාරච්චි මහතා මේ බව කියා සිටී.

එම නිවේදනයේ දැක්වෙන පරිදි  ජාතික ප‍්‍රතිපත්ති හා
ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් රැකියා විරහිත උපාධිධාරීන් 57000 ක් හඳුනා ගෙන තිබුණි. පදනමකින් තොරව ඉන් 20000 ක් පමණක් බඳවා ගන්නා බව පවසමින් සම්මුඛ පරීක්‍ෂණ සිදු කරන ලදී. තෝරාගත් 20000 ජූනි මස මුල් සතිය තුල සංවර්ධන නිලධාරීන් තනතුර සඳහා බඳවාගන්නා බවට ප‍්‍රකාශ පොරොන්දු විය.

නමුත් මේ වන විට 20000 න් 5000 ක් ජූලි මස හා ඉතිරි සැප්තැම්බර් මස ලෙස මෙය තීරණය කර ඇත. මේ ආකාරයෙන් විවිධ අවස්ථාවලදී විවිධ ලෙස ක‍්‍රියා කිරීමෙන් ආණ්ඩුව උපාධිධාරීන් පිරිසකට රැකියා අවස්ථා ලබාදී පිරිසකට එම අවස්ථාව අහිමි කිරීමට ක‍්‍රියා කරමින් සිටී.

එම උත්සාහය පරදවා සුදුසුකම් සපුරා ඇති සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන  ලෙස බල කරමින් ජූනි 06 දවල් 12.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය රැකියා විරහිත උපාධිධාරී සංගමය ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka