ආනයනික රත්රන් මත පනවා ඇති බදු ඉහළ දැමීමෙන් පසුව නීතිවිරෝධී මාර්ගයෙන් රත්රන් මෙරටට ගෙන්වීමට ඉහළ ගොස් ඇතැයි රේගු නිලධාරීන් උපුටා දක්වමින් sundaytimes.lk පවසයි.
එවැනි අලුත්ම සිද්ධින්වලදී පෝලන්ත ජාතිකයෙකු සහ ශී‍්‍ර ලාංකිකයෙකු පිළිවෙලින් රත්රන් කිලෝ 10ක් සහ කිලෝවක් සමග කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත් විය.
රත්රන් ආනයනයට විශාල මුදලක් වැය වන බව
පවසමින් ආණ්ඩුව බදු ඉහළ දැමීමෙන් පසුව නීතිවිරෝධීව ගෙන්වන ලද රත්රන් ප‍්‍රමාණය කිලෝ 41කට අධික වේ.
ඉන් වැඩි ප‍්‍රමාණයක් ඉන්දියාවෙන් මෙරටට ගෙන එද්දී හසු වී තිබේ.
මේ වසරේ ජනවාරි සිට අපේ‍්‍රල් අවසානය තෙක් කාලයේදී නීතිවිරෝධීව ගෙන්වා අත්අඩංගුවට පත් රත්රන් ප‍්‍රමාණය කිලෝ 83කි.
ඒ වෙනුවෙන් පනවන ලද දඩවල වටිනාකම රු. මිලියන 17ක් වේ.
මෙසේ හසු වන රත්රන් පුවත්පත්වල ප‍්‍රසිද්ධ කිරීමෙන් පසුව ටෙන්ඩර් මගින් වෙන්දේසි කරනු ලැබේ.
බදු වැඩි කළ පසුව රත්රන් හොරෙන් ගෙන්වීම ඉහළට
2018-06-03T16:24:00+05:30
Gossip Lanka Hot News
slide|