gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දයාන් ජයතිලක රුසියාවේ තානාපති ධුරයට !

රාජපක්ෂ පාලන සමයේ රාජ්‍යතන්ත්‍රීක සේවයේ කටයුතු කල ආචාර්ය දයාන් ජයතිලක මහතා රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

ව්‍යවස්ථානුකුලව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව සිදුකෙරෙන මෙම පත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා
දැනුවත් කර ඇතත් අගමැතිවරයා ගෙන් ඊට විරෝධයක් මතුවී නොමැති බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා සිය සේවා කාලය නිමකර මෙරටට පැමිණීමෙන් පසු මාස කිහිපයක් ම එකී තනතුර පුරප්පාඩු වී තිබිණ.

ආචාර්ය දයාන් ජයතිලක මහතා එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස ද කලක් කටයුතු කළ අයෙකි.

සම්මුතිවාදී ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිතව තිබු 'ව්‍යවස්‌ථා යෝජනාවලිය' පරාජය කිරීමේ අරමුණින් ආරක්‌ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ පුරෝගාමීත්වයෙන් ක්‍රියාත්මක වූ 'එළිය' නමැති සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස දයාන් ජයතිලක මහතා පසුගිය සමයේ කටයුතු කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka