විදේශිය කාන්තාවන් යොදා ගනිමින් පවත්වාගෙන යන ලද ගණිකා මධ්‍යස්ථානයක් පිලිබඳව ලද තොරතුරක් මත කොල්ලුපිටිය පොලිස්ථානය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත, පරික්ෂා කිරිමේදි ගණිකා සේවයේ යෙදෙමින් සිටි චීන ජාතික කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවු වයස 39,38,48,45 පසුවන්නියන් වන අතර
මොවුන් සම්බන්ධයෙන් පරික්ෂා කිරිමේදි මෙරට රැඳී සිටිම සදහා වලංගු වීසා නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කොල්ලුපිටිය පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබන අතර සැකකාරියන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
කොල්ලුපිටියේ පවත්වාගෙන ගිය චීන ගණිකා මඩමක් මාට්ටු
2018-06-02T10:02:00+05:30
Gossip Lanka Hot News
slide|