බොහෝ හදවත් කම්පා කල සිද්ධියක් තමයි අරන්තලාවේ භික්‌ෂූන් වහන්සේලා තිස් එක් නමක් ඝාතනය කිරීම. උන්වහන්සේලා ඝාතනය වීමේ 31 වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.
1987 වසරේදී කැලණිය රජමහා විහාරය වන්දනා කිරීම සඳහා බස් රියකින් ගමන් කළ මෙම භික්‌ෂූන් වහන්සේලා අරන්තලාව කැලයේදී කඩුවලින් කපා වෙඩි තබා අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබුවේ කොටි ත්‍රස්‌තවාදීන් විසිනි.
ඝාතනයට ලක්‌වූවන් අතර කුඩා සාමණේර හිමිවරු රැසක් ද වූහ. මෙම බස්‌රියේ ගමන් කළ සිවිල්
වැසියෝ සිව් දෙනෙක්‌ද ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරනු ලැබූහ. භික්‌ෂූන් වහන්සේලා සිව්දෙනෙකු බරපතළ කැපුම් තුවාලවලට ලක් වී පැන ගොස් දිවි ගලවා ගත්හ.
මෙම සමූල ඝාතනය ගැන නැගෙනහිර කොටි නායකයන් වූ රමේෂ් නගුලන් සහ කරුණාටද චෝදනා එල්ල විණි.
අරන්තලාවේ භික්‌ෂූන් වහන්සේලා තිස් එක් නමක් ඝාතනය වී අදට වසර 31යි
2018-06-02T14:24:00+05:30
Gossip Lanka Hot News
slide|