නියෝජ්‍ය කථානායක ධූරයේ කටයුතු කරමින් තිලංග සුමතිපාල කළ සේවය කථානායක කරු ජයසුරිය මහතාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.
ඒ, ඉකුත් සතියේ පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදීයි. එහිදී කතානායකරයා විසින් තිලංග සුමතිපාල කළ සේවය අගයා ස්තූති යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර සභානායක ලක්ෂ්මන්
කිරිඇල්ල ද එහිදි ඔහුගේ සේවය ඇගයීමට ලක් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ද එම යෝජනාවට සහය දක්වා තිබුණා.
පක්ෂ නායක රැස්වීමේදී ඒකමතිකව සියලූ දෙනා විසින් තිලංග සුමතිපාල ඇගයීමට ලක් කර ඇති අතර කථානායකවරයා විසින් ඒ පිළිබඳ ලිපියකින්ද දක්වා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ලෙස තිලංග සුමතිපාල ඉටු කළ සේවයද මෙහිදී ඇගයීමට ලක් කෙරුණා.
කතානායකගෙන් තිලංගට ලිපියක්
2018-06-03T08:29:00+05:30
Gossip Lanka Hot News
slide|