gossip lanka

අධික උෂ්ණත්වයක් : 'දිනකට වතුර ලීටර් දෙකක්‌ බොන්න'

රටේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩිහිටි පුද්ගලයකු දිනකට වතුර ලීටර් 2 ක්‌ පානය කිරීම සුදුසු යෑයි කොළඹ ජාතික රෝහලේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය පැවසුවාය.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌ වු ඇය මෙසේද කීවාය.

"විශේෂයෙන් වතුර වැඩි වැඩියෙන් පානය කිරීම වැදගත්. ඒ වගේම වතුර පානය කරන කොට දෙහි
හෝ පිපිඤ්ඤා පෙති කපලා වතුරට දාලා බොනව නම් වඩාත් හොඳයි.

 දැන් මේ කාලයේ පවතින අධික උෂ්ණත්වය නිසා වැඩි වශයෙන් වතුර පානය කළේ නැති වුණොත් හිසේ අමාරුව, කරකැවිල්ල, ඇඟපත වේදනාව, විජලනය වගේ රෝගාබාධ ඇති විය හැකියි. මේ ගැන සැලකිලිමත් වෙලා වතුරවලට අමතරව තැඹිලි දොඩම්, කුරුම්බා වගේ පාන වර්ගත් බොන්න.

 ඒ වගේම කුඩා දරුවන්ට දවසකට වතුර ලීටර් එකහමාරක්‌වත් බොන්න දෙන්න. ඒ වගේම මේ දිනවල නිතර නිතර නාගන්නවා නම් හොඳයි.

එසේම අව්වේ වැඩිපුර ගමන්වල යෙදෙන්න එපා. පුළුවන් තරම් කුඩයක්‌ ඉහලගෙන ගමන් යන්න. ඒ වගේම තොප්පි පැළඳගෙන යන්න. එසේම සුදු පැහැති ඇඳුම් ඇඳගෙන ගමන් බිමන්වල යෙදෙනවා නම් හොඳයි. මේ දැඩි අව්ව ශරීර සෞඛ්‍යයට අහිත කරයි. එනිසා කල්පනාකාරීව කටයුතු කරන්න.''

(දිවයින)


gossip lanka