gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැයි 7 රාජ්‍ය පුද්ගලික හැමෝටම නිවාඩු

රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සහ පෞද්ගලික අංශයේ සියලුම සේවකයන් සඳහාද මැයි දිනය සඳහා වූ ව්‍යවස්ථාපිත නිවාඩු දිනය මැයි 7 වෙනිදා බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා පවසයි.

අංක 2024/55 දරණ 2017 ජුනි 24 දින ගැසට් පත්‍රය මගින් 2018 වර්ෂයේ මැයි දිනය වෙනුවෙන් 2018 මැයි 1 දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබිණ.පසුව 2018 අප්‍රේල් 10 වැනි දින 2066/17
දරණ ගැසට් පත්‍රය මගින් එම නිවාඩුව අවලංගු කර 2018 මැයි දිනය සඳහා නිවාඩු දිනය වශයෙන් මැයි 7 දින ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව අදාළ එම අංශයන් සහ පෞද්ගලික අංශයේ සියලුම සේවකයන් සඳහාද මැයි දිනය සඳහා වූ ව්‍යවස්ථාපිත නිවාඩු දිනය මැයි 7 බවද ඒ මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව ගැසට් නිවේදනයක් නිකුත් කරන්නේද යනුවෙන් මාධ්‍ය කළ විමසුමට පිළිතුරු දෙමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ එය නැවත ගැසට් කිරීමක් අවශ්‍ය නොවන බවත් මැයි දිනය නිවාඩු දිනයක් ලෙස පඩි පාලක සභා ආඥා පනතින් හා සාප්පු හා කාර්යාල සේවක පනතින්ද පිළිගෙන තිබෙන බවත්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka