gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නියෝජ්‍ය කතානායක ධුරය එජාපයට !

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරයෙන්, තිලංග සුමතිපාල මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානායක තනතුරට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයකු පත්කිරීමට යන බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබී තිබුණු මේ තනතුරට එම පක්ෂයෙන් කෙනකු ඉදිරිපත් නොකෙරෙන තත්ත්වයක් උද්ගතවීම නිසා එය එජාපයට ලබාදීමට
අදහස් කර ඇති බව වාර්තා වේ.

මන්ත්‍රිවරුන් කිහිප දෙනකුගේ නම් යෝජනා වී ඇතත්, එම තනතුර භාරගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සඳහා දැනට සභාපති මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එඩ්වඩ් ගුණසේකරගේ නම යෝජනා කිරීමට යන බව එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨ සාමාජිකයෙක් පැවැසීය.

(මව්බිම)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka