gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිරුරට විෂ පලාවර්ගයක් වෙළෙඳපොලේ

මුගුණුවැන්න පලා වර්ගය ලෙස වරදවා මිනිස්‌ ශරීරයට අහිතකර කිඹුල්වැන්න (ඇලිගේටර්) නම් ආක්‍රමණික පැළෑටිය යළිත් විශාල වශයෙන් එළවළු වෙළෙඳසල්වල විකිණීමට තබා ඇතැයි කෘෂි පර්යේෂකයෝ පවසති.

අධික ලෙස බැර ලෝහ (හෙවි මෙටල්) ගබඩා කරගත හැකි මෙම ආක්‍රමණික ශාකය අනුභවයෙන්
විවිධ අසාත්මිකතා ඇතිවිය හැකි බව ද ඔවුහු සඳහන් කරති.

කලකට පෙර මෙම පැළෑටිය පිළිබඳව කෘෂි විද්‍යාඥයන් විසින් හෙළිදරව් කිරීමෙන් පසු පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක වුව ද මේ පිළිබඳව අවධානය ගිලිහීමෙන් පාරිභෝගිකයන් යළි නොදැනුවත්වම කිඹුල්වැන්න පැළෑටි කලකට පෙර මෙම පැළෑටිය පිළිබඳව කෘෂි විද්‍යාඥයන් විසින් හෙළිදරව් කිරීමෙන් පසු පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක වුව ද මේ පිළිබඳව අවධානය ගිලිහීමෙන් පාරිභෝගිකයන් යළි නොදැනුවත්වම කිඹුල්වැන්න පැළෑටිය පළා වර්ගයක්‌ ලෙස අනුභව කරමින් සිටින බව ගිරාඳුරුකෝට්‌ටේ කෘෂි පර්යේෂණ මධ්‍යස්‌ථානයේ හිටපු ප්‍රධානී සනත් එම්. බණ්‌ඩාර මහතා පවසයි.

තමා මහනුවර ප්‍රදේශයේ කළ සොයා බැලීම්වලදී වෙළෙඳසල්වල විශාල වශයෙන් කිඹුල්වැන්න විකිණීමට තබා තිබෙනු නිරීක්‍ෂණය කළ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

දණ්‌ඩේ බටයක්‌ ආකාරයට කුහරයක්‌ පැවතීම, සෑම මලකටම කුඩා නටුවක්‌ පිහිටීම, ළපටි අවධියේ සිට මල් පිපීම යන ප්‍රධාන කරුණු මඟින් කිඹුල්වැන්න පැළෑටිය මුගුණුවැන්න ශාකයෙන් වෙන්කොට හඳුනාගත හැකි බව ද ඉතා හොඳ ප්‍රචාරණ ව්‍යාපාරයක්‌ මේ පිළිබඳව දියත් කළ යුතුව ඇති බව ද බණ්‌ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka