gossip lanka

ශ්‍රී ලංකාවට තවත් සුපිරි පිතිකරුවකු අහිමි වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පළාත් එක්දින තරඟාවලියේ පුහුණු සැසියක් අතරතුර අබාධයකට ලක්ව තිබෙනවා. ඒ පන්දුවක් ඔහුගේ අතේ ඇගිල්ලක වැදීම හේතුවෙන්. මේ අබාධය නිසා දිමුත් හට සති 6කට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

මේ තත්වය මත ඔහුට බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟාවලියද අහිමි වන බවයි පැවසෙන්නේ.
පන්දුව වැදීම හේතුවෙන් දිමුත්ගේ අතක ඇඟිල්ලක් බිඳී ගොස් තිබෙනවා.

ටෙස්ට් තරඟ 49කට ක්‍රීඩා කර ඇතී දිමුත් එහිදී ලකුණු 3186ක් රැස්කරගෙන ඇත්තේ ශතක 7ක් සහ අර්ධ ශතක 14ක් සමගින්.


gossip lanka