gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිරිපිටි මිල යළි ඉහලට..?

කිරිපිටි මිල ඉහළ දැමීමට තවදුරටත් අවසර නොදීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ පවතින මිල තත්ත්වයන් යටතේ ආනයනකරුවන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරමින් පවතින බවයි එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ලෝක වෙළඳපොලේ කිරිපිටි මෙටි‍්‍රක් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 3250 ත් 3350 ත් අතර මිලක
පවතින අතර, ඉදිරි මාස 2 ඇතුළත එය ඩොලර් 3400 ත් 3500 ත් අතර මිලක් දක්වා වැඩිවීමේ අවදානමක් පවතින බවයි වාර්තාවන්නේ.

මෙම තත්වය මත අවම වශයෙන් රුපියල් 75කින්වත් මිල වැඩිකිරීමට කිරිපිටි ආනයන සමාගම් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.

මිල වැඩිවීමක් නොලැබෙන්නේ නම් සමාගම් විසින් කිරිපිටි ආනයනය කිරීම සීමා කිරීමට තීරණය කර ඇති බවටද වාර්තා පළවුණා.

කෙසේ වෙතත් විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ තවදුරටත් පවතින මිල තත්ත්වයන් යටතේම කිරිපිටි මිල පවත්වා ගැනීමටයි.

කෙසේ වෙතත් කිරිපිටි සමාගම්වල යෝජනා ඉදිරි දින කිහිපය තුළදී අධ්‍යයනය කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka