gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙට දිනයේ උණුසුම් කාලගුණයක් : අවධානයකින් සිටින්නැයි අවවාදයක්

උතුර, උතුර මැද, නැගෙනහිර, ඌව සහ වයඹ යන පළාත්වලට මෙන්ම මාතලේ, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේදී බලපෑ හැකි උණුසුම් කාලගුණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වායුගෝලීය අර්ද්‍රතාව සහ උපරිම උෂ්ණත්වය හේතුවෙන් මිනිස් සිරුරට බලපෑම් ඇතිවිය හැකි බැවින් විශේෂයෙන් කුඩා ළමයින් සහ වයස්ගත
පුද්ගලයන් උණුසුමට නිරාවරණය වීමෙන් වැළකිය යුතු බව එම නිවේදනය මගින් පෙන්වා දෙයි.

මේ නිසා එවැනි පුද්ගලයන් අධික වෙහෙසකාරී කටයුතුවලින් ඉවත්වී සෙවණ  ඇති ස්ථානවල රැඳී සිටිය යුතු බවත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

පොළාන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටම දක්වා උණුසුම වැඩිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වාහන තුල කුඩා ළමුන් තනිව රඳවා නොයනු !

වැඩි වේලාවක් උණුසුම් කාලගුණයට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරතවීම තුලින් තෙහෙට්ටු තත්වයක් ඇතිවිය හැකි බවත්, තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරතවීම තුලින් විජලනය සහ ලවණ ඉවත්වීම හේතුවෙන් ඇතිවන මස්පිඩු පෙරලීම ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

වැඩ බිම් තුල සේවය කරන පුද්ගලයන් ප්‍රමාණවත් ලෙසට ජලය පානය කළ යුතු අතර සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්  දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

වාහන තුල කුඩා ළමුන් තනිව රඳවා නොයන ලෙසට ද එම නිවේදනය මගින් දැනුම්දී ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka