gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තිලංග තවමත් ධූරයේ

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වූ ශී‍්‍රලනිප 16යේ කණ්ඩායමේ තිලංග සුමතිපාල පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයෙන් මෙතෙක් නිල වශයෙන් ඉවත්ව නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

ඔහු ධූරයෙන් ඉවත්වූ බවට කථානායකවරයාට මෙතෙක් ලිඛිතව දන්වා නොමැති බවයි  අනාවරණ වුණේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක
කාර්යාලය සහ ඔහුට ලබාදී ඇති පාර්ලිමේන්තු වාහන 03ක් ද තවමත් භාර දී නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙම කරුණු සම්පූර්ණ කළහොත් පමණක් තිලංග සුමතිපාල නියෝජ්‍ය කථානායකධූරයෙන් ඉවත් වූ බවට පිළිගත හැකි වනවා.

මේ අතර පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායකධූරයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා. එම ධූරය මුජුබර් රහුමාන් මන්තී‍්‍රවරයාට ලබා දෙන ලෙසයි එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්තී‍්‍රන් පිරිසක් අග‍්‍රාමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත්තේ. පාර්ලිමේන්තු මන්තී‍්‍ර එඞ්වඞ් ගුණසේකර ද එම තනතුරට පත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයෙන් තවත් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka