gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුර්ලභ පක්‍ෂියකු මරා මස්‌ කරමින් සිටිය එක්‌ අයෙක්‌ මාට්‌ටු.

මූතූර් පොලිස්‌ බල ප්‍රදේශයේ චුන්නක්‌කාඩු වන රක්‌ෂිතය තුළ ඝාතනය කිරීම සපුරා තහනම් ආරක්‌ෂිත දුර්ලභ ගනයේ පක්‌ෂියකු වන පාදිලිමානාවා නම් පක්‌ෂිය මරා මස්‌ කරමින් සිටි පුද්ගලයෙකු පෙරේදා (6 දා) වනජීවී නිලධාරීහු හා පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීහු ඒකාබද්ධව කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ මූතූර් පොලිස්‌ වසමේ කාංගිවේලි ප්‍රදේශයේ පදිංචිකරුවකි.

මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හමුවේ වන සතුන් දඩයම
ජයටම කරගෙන යන බවට ලද තොරතුරක්‌ මත මෙම වැටලීම කන්තලේ වනජීවීය හා කන්තලේ සූරියපුර පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීහු එක්‌ව කර තිබුණි.

වනජීවී අඩවි ආරක්‌ෂක විඡේකෝන් මහතාගේ උපදෙස්‌ පිට වන සත්ත්aව නියාමකයින් වන සුගත් , පාලිත , පැතුම් සමඟ විශේෂ කා. බළකායේ නිලධාරීහු මේ සඳහා එක්‌ව සිටියහ. සැකකරු මූතූර් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඡායාරූප වලින් දැක්‌වෙන්නේ මරා දමන ලද පාදිලිමානාවා ය.

කන්තලේ - ඩබ්. එම්. වික්‍රමසිංහ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka